මහින්ද සේවයෙන් පහ කරනු ලැබූ පුද්ගලයෙක්.

0
241

ගුරු ගෙදර හෙවත් සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සකසුරුවම් සහ ණය දෙන සමුපකාර සමිතිය (EDCS) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් ආයතනයක් වන අතර, පාසල් ගුරුවරුන්ට ඒ හරහා සහන පොලියට ණය ලබාදීම එහි ප්‍රධාන අරමුණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරනවා.

සමිතියේ සාමාජිකයන් අතරින් ඡන්ද බලයෙන් එයට නිලධාරීන් පත්කරගැනෙන අතර,‍ එලෙස පත් වූ මහින්ද ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම අදාළ සමුපකාර සමිතිය දේශපාලනීකරණයට ලක්කරමින් ඒ තුළ දූෂණ, අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවීමත් සමඟ 2011 වසරේ දී අධිකරණය විසින් අදාළ නිලධාරී මණ්ඩලයට වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් ද පනවා තිබෙනවා.

එමෙන්ම මහින්ද ජයසිංහ මහතා ප්‍රධාන ලේකම් ධුරය දරන ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා ගුරු සේවා සංගමය ‘අපේ කණ්ඩායම’ නමින් ඉදිරිපත් ව අදාළ සමිතියෙහි බලය ලබාගෙන ඇති අතර, එහිදීද දූෂණ අක්‍රමිකතා සම්බන්ධ චෝදනා රැසක් එල්ලවීම හේතුවෙන් අදාළ නිලධාරී මණ්ඩලයට නැවත වතාවක් මෙම වසරේ දී ද අතුරු තහනම් නියෝගයක් සහ වාරණයක් පැනවීමට කොළඹ දිසා අධිකරණය පියවර ගෙන තිබෙනවා.

මෙවැනි තත්වයක් තුළ මේ දක්වා සම්මත වී නොමැති කැබිනට් යෝජනාවක් ඈඳා ගනිමින් මහින්ද ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම තම චෝදනාවන් යටපත් කරගැනීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයට එරෙහි ව දේශපාලන මඩ ව්‍යාපෘතියක නිරතවන බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කවර හෝ ආකාරයකින් පදනම් විරහිත ලෙස පාසල් ප්‍රජාව නොමඟ යවමින් තම වෘත්තීය සමිති ජනප්‍රිය කරගැනීමට උත්සාහ දරන මහින්ද ජයසිංහ මහතා උතුරුමැද පළාත් සභා ප්‍රධාන ලේකම්වරයා විසින් 2010-11-09 වැනි දින විනය චෝදනා 11 කට වැරදිකරු බවට පත්කරමින් ගුරු සේවයෙන් පහ කරනු ලැබූ පුද්ගලයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here