නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව – ඔරුමිත්තනාඩු – ඔට්‍රෙයි ආට්චි

0
78

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ මෙහෙයුම් කමිටු රැස්වීම මේ 25 වනදා රැස්වීමට නියමිතව සිටියත් කමිටු වාර්තාවේ සිංහල දෙමළ පරිවර්තන පමා වීම මත එම කමිටු රැස්වීම් නොවැම්බර් 5 වනදා තෙක් කල් දැමීමට සිදුව තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

අපි 25 වනදා රැස්වෙලා මීට අවසන් එකඟතාවය ලබා දෙනවා.

ඒ වගේම පසුගියදා පැවති මෙහෙයුම් කමිටු රැස්වීමේදී ඒකීය රාජ්‍ය හා ඔරුමිත්ත රාජ්‍ය යන වචන දෙක සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුනා.

ඒකීය රාජ්‍ය වෙනුවට මෙතෙක් ඔට්‍රෙයි ආට්චි කියල නම භාවිතා වුණා. ඒ වෙනුවට බෙදිය නොහැකි -නොබෙදුනු කියන අර්ථය එන ඔරුමිත්තනාඩු කියන වචනය අප යෝජනා කළා. ඔරුමිත්ත නාඩු කියන්නෙත් ඔට්‍රෙයි ආට්චි කියන අර්ථයම තමයි කියල පසුගිය ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු රැස්වීමේදී මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා ප්‍රශ්නයක් මතුකරා.

ඔහු යෝජනා කළේ ඔට්‍රෙයි ආට්චි කියන නම භාවිතා කරමු කියලයි. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කාර්ය ප්‍රමාද වීමට එයද එක් හේතුවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here