ඊයේ වුණ දේ ගැන රනිල් දැඩි විමසිල්ලෙන්

0
175

සාපරාධි කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමට ගැනීමට තිබු ඊයේ සවස පාර්ලිමේන්තුවේ නොසිටි සියළු මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනයක් සභානායක කාර්යාලය විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත බාරදී තිබේ.

සභානායක කාර්යාලය විසින් ඉහත නාම ලේඛනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන ගැනීම පිණිස බාර දී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමකට අනුවය.

සාපරාධි කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඡන්ද විමසීමට ගන්නා අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් නොසිටිම නිසා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව කල් දැමීමේ ඉල්ලීම කිරීමට පියවර ගැනින.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගත් පියවර හේතුවෙන් පනත පරාජය කිරිමට නොහැකි වූ බව ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර අවස්ථාවකදී මුදල් පනතක් පරාජය කිරිමට ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කළ අවස්ථාවේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නුවණක්කාර ලෙස ක්‍රියාකොට එය පරාජයවීම වළක්වා ගත්තේ යැයිද ජේ.සි අලවතුවල මහතා කීවේය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සාපරාධි කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට ඡන්ද විමසීමක් පැවැත්වෙන බව දැනුම් දී තිබියදීත් සභාවේ නොසිටි මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන ගැනීම පිණිස යැවු බවද නියෝජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here