ගාල්ලෙන් හර්ෂ කෙනෙක් උපදියි.

0
1412

1990 සුව සැරිය පදනම පිහිටුවීම පිලිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වේ.

මීට ගැළපෙන කදිම කතාබහක් පසුගිය සඳුදා පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සිදුවී තිබේ.

ඒ 1990 සුව සැරිය ගිලන් රථ සේවය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරවීමේ පුරෝගාමියා බවට පත්වන ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පිළිබඳවයි.

ගාල්ල ප්‍රදේශයේ ගර්භණී මාතාවකට 1990 සුව සැරිය ගිලන් රථයක් තුළ තම දරු ප්‍රසූතිය සිදුවී ඇත.එම දරුවාගේ පියා තම දරුවාට හර්ෂ යනුවෙන් නම් තබා ඇති බව වාර්තා වී ඇත.ඒ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිහිවීම අරමුණ වී තිබේ.

1990 සුව සැරිය ගිලන් රථ සේවය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය රජය සමඟ සමීපව කටයුතු කරනු ලැබුවේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතායි.

මෙම වැඩපිළිවෙල ආරම්භක අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තවත් සංවිධාන රැසක විරෝධය එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here