තිලංග ඉවරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත් කළ මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා නියෝජ්‍ය කතානායකධූරය සඳහා පත් කරන ලෙස එම පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යෝජනා කර ඇතැයි පාර්ලිමේන්තුවේදි ඊයේ පැවැති පක්ෂ නායක රැස්විමේදි ප්‍රකාශ වී ඇත.
නමුත් අංගජන් රාමනාදන් මහතා නියෝජ්‍ය කතානායකධූරයට පත් කිරිම සම්බන්ධයෙන් සිය පක්ෂය විරුද්ධ බව මෙහිදි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා එහිදි ප්‍රකාශ කර තිබේ.
නියෝජ්‍ය කතානායකධූරයේ කටයුතු කළ තිලංග සුමතිපාල මහතා ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා සමඟ විපක්ෂයේ අසුන් ගැනිම නිසාත් ඔහු එමධූරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම්දී ඇති නිසාත් නියෝජ්‍ය කතානායකධූරය පුරප්පාඩු වී ඇතැයි පක්ෂ නායක රැස්විමේදි සාකච්ඡා වී ඇත.
තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායකධූරය දැරූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස බැවින් නියෝජ්‍ය කතානායකධූරයට යළී පත්විය යුත්තේද ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු බව එම පක්ෂය පෙන්වා දි තිබේ.
මේ නිසා තම පක්ෂය එම පුරප්පාඩුව සඳහා යාපනය දිස්ත්‍රික් ජාතික ලයිස්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා පත් කිරිමට ජනාධිපතිවරයාට යෝජනා කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවිර මහතා මාධ්‍යයට ඊයේ ප්‍රකාශ කළේය.
පක්ෂ නායක රැස්විම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි ඊයේ පැවැත්විනි.
දෙමළ ජාතිකයෙකු නියෝජ්‍ය කතානායකධූරය සඳහා පත්ව ඇත්තේ 1968 – 1970 කාල සීමාවේදීය. ඒ සිවසිදම්බරම් මහතාය. අංගජන් රාමනාදන් මහතා නියෝජ්‍ය කතානායකධූරයට පත්වුවහොත් දෙමළ ජාතිකයෙකු එම ධූරය සඳහා පත්වන්නේ වසර 48 කට පසුව බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here