ශ්රීලනිපය පුර්ණ ප්‍රතිසංවිධානය කිරීම හා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළත් යෝජනා 15ක් මේ වන විටත් තම කණ්ඩායම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා පවසා සිටියේ ය.
එමෙන් ම ශ්රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන යෝජනාව හෙට දිනයේ පැවැත්වෙන ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගන්නා බව ද එතුමා පැවසී ය.
අදාල යෝජනාවලිය ජයග්‍රහණය කිරීම සදහා 16 කණ්ඩායම දැඩි ලෙස පෙනී සිටින බව ද එතුමා අවධාරණාත්මකව කියා සිටියේ ය .
Related