‘තනි තනි වීරයෝ අපි ගණන් ගන්නේ නෑ’

යම් කිසි විදියකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණොත්,ඒක ඔබතුමන්ලාගේ පක්ෂයට අභියෝගයක් ද ? කියා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල් කාන්ත මහතා කියා සිටියේ ,

“තනි තනි වීරයෝ අපි කවදාවත් ගණන් ගත්තේ නෑ .චන්ද්‍රිකා ආවෙ මේ රට අනික් පැත්ත පෙරලනව කියල. හැදුවද රට?
රාජපක්ෂ පවුලේ ගත්තොත් දේශපාලනයේ දුර්වල ම පාලකයා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ.අසාර්ථකයි දැන්ම මතක තියාගන්න.
මහින්ද රාජපක්ෂ කියන්නේ ගෝඨාභය වඩා පොරක්නේ.. හැදුවද රට.. ගියේ විනාශ කරලමනේ.
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කලහොත් ස්ථිර වශයෙන්ම පරාජයට පත්වන්නේ යයිද ඔහු එහිදී පැවසී ය.
එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ ය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here