විදුලිබලේ අද වෙන දේ.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.එම වෘත්තීය ක්‍රියාමාර්ගය හරහා දැනෙන දෙයක් සිදුනොවීම හේතුවෙන් ඊයේ සිට විදුලි ඉංජිනේරුවරුන් මැදිහත්ව කෘතීමව විදුලිය බිඳ වැටීම් සිදුකරන බවට සේවකයින් තොරතුරු අනාවරණය කරමින් සිටියි.
තුල්හිරිය විදුලි උප පොළේ එවැනි කෘතීම විදුලිය බිඳ වැට්ටවීමක් සිදුකර විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ බල ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට පත් කරවීම සැලසුම් සහගතව සිදු කර ඇති බවට තොරතුරු අනාවරණ වේ.අද වන විට පසුගිය වකවානුවේ වැටුප් අර්බුදයක් මත සාමාන්‍ය විදුලි සේවකයින් සමඟ විදුලි ඉංජිනේරුවරුන් ගැටුමක් නිර්මාණය කරගැනීම සිදුවිය.එහෙත් අද වනවිට රාත්‍රී සේවයේ නිරත විදුලි සේවකයින් යොදවා විදුලි ඉංජිනේරුවරුන් තම පෝස්ටර් අලවා ගන්නා තත්වයට අද වැටී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු පැවසීය.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී ගනේගල මහතා විදුලි අධිකාරීවරුන් පිරිසක් කැඳවා විදුලි ඉංජිනේරු සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දෙන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අද පස්වරුවේ ලංකා විදුලිබල මණ්ඩල ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.එම උත්සවය වර්ජනය කරන බවට ඊයේ රාත්‍රිය වනතුරු ප්‍රකාශ කළ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය එම තීරණය හකුළා ගෙන ඇත්තේ සංගමය සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ග හෙළිකරන බවට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නායකයෙකු කළ බලපෑමක් අනුව බව ආරංචි මාර්ග අනාවරණය කෙරෙයි.
මේ අතර අද දහවල් එක්සත් ජාති පක්‍ෂ මන්ත්‍රීවරු තිදෙනෙකු මෙම සියලු තත්වයන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here