ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුව තුළ තවදුරටත් කටයුතු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අනිද්දා දිනයේ (17) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගැනීමට නියමිත ය.
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සදහන් කරන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව වුවත් ඇමති ධුර දරන පිරිස පවසන්නේ තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවයි.
මේ තත්වය මත 17 වැනිදා ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත මෙම මධ්‍යම කාරක සභා නිල රැස්වීම ඉතා තීරණාත්මක වනු ඇති බවද පැවසෙයි.
ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන යෝජනාව ගැන එම මද්යම කාරක සභාවේදී ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිත ය.
තව ද යෝජනා 15ක පමණ ලිපියක් 16 දෙනාගේ කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත ලබා දීමට නියමිතව ඇත.