“ජාතික කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයින් බිහි වෙන්නේ පාසලින් බව මම තදින් විශ්වාස කරනවා. නමුත් වර්තමානයේදී එවැනි සංස්කෘතියක් දක්නට ලැබෙන්නේ නැහැ. එම සංස්කෘතිය මේ වන විට බරපතල ලෙස අර්බුදයට ලක්වෙමින් තියෙනවා.”
“මම ජාතික කණ්ඩායමේ නායකත්වය පත් වුණේ 1991 වර්ෂයේදී. ඉන්පසුව සෑම අවස්ථාවකදීම පිටපළාත් ක්‍රීඩකයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. උදාහරණයක් ලෙස 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිහා බලමු. එයින් සියයට අසූවකට වඩා බහුතරය පිට පළාත්වලින් පැමිණි ක්‍රීඩකයින්. ඔවුන් නොවන්නට 96දී ලෝක කුසලානය දිනා ගැනීමේ හැකියාවක් අපිට උදා වන්නේ නැහැ.”
“මම නම් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය අදටත් තියෙන්නේ පිටපළාත්වල. අපි පිටපළාත්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුත්තේ ඒ නිසයි….. ”යනුවෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.
එතුමා මේ බව කියා සිටියේ “රන් සටන” වාර්ෂික පාසල් එක්දින ක්‍රිකට් තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි. තරගය සහ ජය සංකේත ප්රදානය ඊයේ පස්වරුවේ (13) පැවැත්වුණේ ත්‍රිකුණාමලය ශ්‍රී කෝනේස්වරා හින්දු විද්‍යාලීය ක්රීඩාංගණයේදීයි.
රන් සටහන නමින් විරුදාවලිය ලත් වාර්ෂික පාසල් එක්දින ක්‍රිකට් තරගය මෙවර පැවැත්වුණේ 25වැනි වරට වේ. තරගයට එක් වන්නේ ත්‍රිකුණාමලය ශ්‍රී කෝනේස්වරා හින්දු විද්‍යාලය සහ මඩකලපුව ශිවානන්දාවිද්යාලයයි.
ඒ අනුව තරගයේ කාසිය වාසි දිනූ මඩකලපුව ශිවානන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පන්දුවාර 49යි පන්දු 3කදී සියලු දෙනා දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 156කි. එස්. ප්රතීස්ලකුණු 29යි. ජූඩ් විනිස්ටාන් ලකුණු 25යි.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිකුණාමලය කෝනේස්වරා විද්‍යාලය ජයග්‍රාහී සීමාව පසු කළේ පන්දුව 48යි පන්දු 3කදී කඩුලු 6ක්පමණක් දැවී සිටියදීයි.
ඒ ත්‍රිකුණාමලය කෝනේස්වරා හින්දු විද්‍යාලය තරගය කඩුලු හතරකින් ජයගනිමිනි. කේ.තිනුක්ෂාන් ලකුණු 45ක් රැස් කරමින් තරගයේ වීරයා සහ හොඳම පිතිකරු සම්මානය දිනා ගත්තේ ය.