රණවිරුවන්ගේ ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් ?

ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුණොත් අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන පුරාවටම විවිධ ආකාරයේ නඩු ගොඩ නැගුවා.
එත් මේක සුරංගනා කතාවක් පමණක් ම කියලා ඉහළ උසාවිය නිගමනය කරලා එතුමාව අත්අඩංගුවට ගන්න එක උසාවිය හරහා තහනම් කළා.
අපට හමුදාවෙන් තොරතුරු ලැබුනා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිලිබඳ චෝදනා කරලා අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ව ගෙන්නලා ඔවුන්ට බලපෑම් කරන්න සූදානමක් තිබෙනවා කියලා.ඒ අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ව තමන් ළඟට ගෙන්නලා තමන් මේ වරද කල බවත්, ඒ කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලපෑම් මත බවත් පොලීසියට ප්‍රකාශකරන්න යැයි ඔවුන්ට බලපෑම් කරන මෙන් ඉහලින් ඔහුට උපදෙස් ලැබී තිබෙන බවට හමුදාවේ ඉහලම නිළධාරීන් මාර්ගයෙන් අපට දැන ගන්න ලැබුණා.
මේ කතාව ඇත්තනම් අපි බුද්ධි අංශ ප්‍රධානියාට අනතුරු අගවනවා.
සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සුරැකීමේ පනත යටතේ සාක්ෂියක් වෙනස් කරන මෙන් සාක්ෂියක් ප්‍රකාශ කරන මෙන් බලපෑම් කිරීම සිරදඩුවම් ලැබිය හැකි වරදක් කියන එක අපි හමුදා  බුද්ධි අංශ ප්‍රධානීයා ඇතුලු දේශපාලනයට යට වෙන්න හදන හමුදාවේ ඉහල නිළධාරීන්ට සිහිපත් කරනවා.
ඒ වගේම දේශපාලකයන්ට කඩේ ගිහින් හමුදාවේ ගෞරවය රණ විරුවාගේ අභිමානය කෙලසන්න එපා කියලා අපි හමුදාවේ ඉහළ  නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here