ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තිරණය කර ඇත. පාර්ලිමේන්තුවට යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව කතානායක කරු ජයසූරිය මහතා විසින් සභාවට දැනුම් දුන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට අනුව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සමට අදාළ තිරණය ශ්‍රේෂාඨාධිකරණය විසින් කතානායකවරයා වෙත යොමු කර තිබුණි.
ඒ තීන්දුව මන්ත්‍රීවරුන් වෙත දැනුම් දෙමින් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඇතැයි කතානායකවරයා කීවේ ය.