පාර්ලිමේන්තු සංකිර්ණයේ පිහිටි බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ නිල කාමරයේ ඇති වූ ගින්න පාර්ලිමේන්තු ගිනි නිවිම් ඒකකයේ නිලධාරින් පැමිණ නිවා දමනු ලැබීය.
ඇමතිවරයාගේ නිල කාමරයෙන් දුමාරයක් පැමිණිම නිසා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් වේත්‍රධාරි අනිල් සමරසේකර මහතා දැනුම්වත් කර තිබේ.
පසුව එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වහාම පාර්ලිමේන්තු ගිනි නිවිම් ඒකකයේ නිලධාරින් කැදවා ඇතිවිමට ගිය විනාශය මැඩ පවත්වන ලදි.
පාර්ලිමේන්තු සංකිර්ණයේ පළමු මහලේ පිහිටි අමාත්‍ය නිල කාමරයේ වායු සමිකරණයේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන තිබේ. ගින්නෙන් නිල කාමරයේ කිසිදු දේපලකට හානියක් වි නොමැත.