බාලගිරි දෝෂය අද නොවේ හෙට…

අද පස්වරු 12.30ට පාර්ලිමේන්තුවේ විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රදානත්වයෙන්.
ලබන 11 වන සිකුරාදා දින විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන පනත එදින විවාදයට නොගනු ඇති බව ආරංචි මාර්ග අනාවරණය කෙරේ.

 

කෙසේ වුවත් ,
2015 වසරේ මෙම ආණ්ඩුව බලයට පත් වීම සඳහා ලබා දුන් පොරොන්දු අතර ප්‍රබලත ම පොරොන්දුවක් වූ නව විගණන පනත සම්මත කිරීම මේ වනතුරුත් සිදුකොට නැත.
2017 වසරේ අගෝස්තු මස ජනපති මාධ්‍යවේදීන් සමඟ සාකච්ඡාවක් පවත්වමින් ප්‍රසිද්ධියේ මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ, නව විගණන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.මෙලස පොරොන්දු දී තිබූ නමුත් මේ වනතුරුත් එම පොරොන්දුව ඉෂ්ට කර නොමැත.
කිහිප වරක් සංශෝධනය වෙමින් අඩ පනව බාල ගිරි දෝෂයට ලක් වී ඇති මෙම නව විගණන කෙටුම්පත මෙම ආණ්ඩුව බලයේ පවතින තුරු සම්මත කර නොගන්නා බවට දැන් දැන් ඉඟි පහල වන බව පෙනී යයි.

 

මේ අතර අධිකරණ සංවිධාන (සංශෝධන )පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (9) පාර්ලිමේන්තුවේ දී ගැනීමට නියමිත ය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ අද(09) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි.
එම සංශෝධිත පනත අනුව විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර තිබෙන අතර එහිදී පළමු පියවර ලෙස එක් විශේෂ අධිකරණයක් පිහිටු වන බව ද අමාත්‍යවරිය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here