අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කළ සෑම ගමකම පුංචි සිරිකොත ඇති කිරීමේ වැඩ පිළිවෙල ලබන සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කරයි.
නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙම සෑම ගමකටම පුංචි සිරිකොත වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය විජයග්‍රහණය දක්වා ගෙන යන පුනරුදයක ඇරඹුම යටතේ බව සිරිකොත පක්ෂ මූලස්ථානය නිවේදනය කළේය.
එක්සත් ජාතික පක්ෂය බිම් මට්ටමින් යළි නගා සිටුවීමේ දිප ව්‍යාප්ත වැඩ සටහනේ මූලික පියවර කිහිපය ලෙස පුනරුදයක ඇරඹුම සෑම ගමකටම පුංචි සිරිකොත වැඩ පිළිවෙල යටතේ ක්‍රියාත්මක කරන බව සිරිකොත පක්ෂ මූලස්ථානය නිවේදනය කරයි.