තණ්හාය ජායතී සෝකෝ…

“මෛත්‍රීපාල සිරිසේන මෙච්චර කාලයක් කරපු දේවල් මදිද ? මේ සේවය නම් තවත් එපා ” යැයි  ජනතා විමුක්ති පෙරමුණු  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොනදේ කිව්වත් කළත් බලයට කෑදරයි. එතුමා කියනවා 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.”
එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ , කොළඹ බී.ආර්.සී. ක්‍රිඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැලිය අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා.
‘මේ ජනාධිපති පුටුවේ කවුරු වාඩිවුණත්  දාලා යන්නේ නෑ.කූඩැල්ලා මෙට්ට් තිබ්බා වගේ තමයි.මෙය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. අපි ආරම්භ කරපු සටන ලේසියෙන් නවත්වන්නේ නැහැ. අපිට නැති නෙවන්න කිසි දෙයක් නැහැ. අපි ජයග්‍රහණය කරා යනවාමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here