කැලෑවල සිටින මුවන් ගෝනුන් පැන පැන දුවනවා – මහින්ද රාජපක්ෂ

ඊයේ සිදු කළ ඇමති මණ්ඩල සංශෝධනයේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වනජීවී ඇමති ධූරය ලබාදීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ විවිධ කතා පැතිර තිබිණි.
විපක්ෂයේ අය ෆොන්සේකාට සතුන්ගේ නම් ද යොදා ගනිමින් උසුළු විසුළු කරමින් මඩ ප්‍රහාර එල්ල කර ඇති බව දැන ගැනීමට ලැබුණි.
ඊයේ අභයාරාමයේ පැවති ආගමික උත්සවයක් අතරතුර මාධ්‍ය අමතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කලකට පසු ෆොන්සේකාට ලැබුණ ඇමති ධූරය සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කර ඇත. එය මෙසේ ය.
‘ඒ අමාත්‍යංශය ජීව විද්‍යාත්මකව වෙනස්කර තිබෙනවා. නව අමාත්‍යවරයා එන බව ආරංචි වෙලා කැලෑවල සිටින මුවන් ගෝනුන් පැන පැන දුවනවා’ යනුවෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here