ලෝක කම්කරු දිනය අද දිනට යෙදී තිබුණ ද වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙන් කම්කරු දින සැමරුම ලබන 7 වන දිනට යොදා ගැනීමට රජය තීරණය කර තිබුණි.
එනමුත් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති අද දිනයේදී මැයිදින සැමරුම් කිහිපයක් පැවැත් වීමට කටයුතු සූදනම් කර ගෙන ඇත.
දෙමළ ජාතික සන්ධානය යාපනය – වඩමාරච්චි ප්රදේශයේදී ද,
ජනතා විමුක්ති පෙරමුණ යාපනය මහ නගර සභා ක්රීඩා පිටියේදී ද, පැවැත් වීමට නියමිත ය.
ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් නාරාහේන්පිට –
අභයරාමයේදී අද පස්වරු 2ට මිය ගිය කම්කරු නායකයන්ට පිං පැමිණවීමට බෝධි පූජාවක් පැවැත් වීමට නියමිත ය.
මීට අමතරව සමාජවාදී ජනතා පෙරමුණ ,රාජ්ය සේවා වෘත්තීය සමිති සම්මේලනය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය රැළි පැවැත්වීමට නියමිතයි.
Related