මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෘශ්‍යාබාධිතයින් වෙනුවෙන් බක්මහ උළෙලක් සංවිධානය කර තිබිණි.
එම බක්මහ උළෙල සඳහා මිල්ලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ආරාධිත අමුත්තා ලෙස කැඳවා තිබිණි.
සාමාන්‍යයෙන් බක්මහ උළෙලක අලියාට ඇස තැබීමේ තරඟය සුලබ තරඟ ඉසව්වක්.එහෙත් මෙම බක්මහ උළෙලේ මාළුවට ඇස තැබීම යනුවෙන් තරඟයක් පැවැත්විණි.
මෙය සංවිධානය කළ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දේශපාලන අරමුණකින් සිදුකළ එකක් බව පැමිණ සිටි පිරිසගේ අදහස වී තිබේ.