දුමින්ද ලෝභ නැතුව ලොකු පින් අතේ වැඩක් කරන්නලු හදන්නේ…

  සිවුරු ලක්ෂයක් රුවන්වැලි සෑයට පූජා කිරීමේ මහා පිංකමක් පැවැත්වීමට අවශ්‍යය කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.මේ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.
‘ජාතියේ මහා චීවර පූජාව සංඝානුභාවේන – සංගායනාවට කාලයයි.’ යනුවෙන් සඳහන් කර මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය විසින් බුද්ධශාසන අමාත්‍යංශය සමග එක් වී මෙම සත් ක්‍රියාව සංවිධානය කරනු ලබයි.

 

මෙම පින්කමේ අරමුණු ලෙස කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත්තේ,
  • සාමය,සමගිය තුළින් දේශයේ ඒකීයත්වය ආරක්ෂා කිරීම.

  • ජාති-භේද රහිතව සියලු ජන කොටස්වලට ආශීර්වාද ලබා ගැනීම.

  • නිසි කලට වැසිවසින ගොවි ජනතාවට හිතකර ස්වාභාවික පරිසරයක් නිර්මාණය කර ගැනීම. යන ඒවා ය.

අප්‍රේල් මස 29 වන දින සිට ජුනි මස 29 වන දින දක්වා මාස දෙකක කාලයක් මෙම පිංකම වෙනුවෙන් වෙන් කිරීම ද ඒ යෝජනා අතර වේ.
කෙසේ වුවත් මෙම ජාතික පින්කමේදී චීවර ලක්ෂයක්(100,000) පින් කැමති උපාසක උපාසිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.ජුනි මස 30 වන දින රුවන්වැලි සෑය අබියස එම චීවර පූජා කිරීමටත් සැලසුම් කරගෙන ඇත.
ඉන් අනතුරුව රටේ ජීවත්වන සියලු ම භික්ෂුන් වහන්සේලාට චීවර තුන (3) බැගින් පූජා කිරීමටත් සැලැසුම් කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here