එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.ඊට ප්‍රථම පස්වරු 02ට වෙන් වෙන් වශයෙන් දේශපාලන මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයන් වෙත අරලියගහ මන්දිරය වෙත පැමිණෙන ලෙස දන්වා තිබිණි.
අද පැවැත්වෙන රැස්වීම අතිශය තීරණාත්මක එකක් වනු ඇති බව බොහෝ දෙනෙකුගේ අදහසයි.ඒ පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නම් කිරීම අද සිදුවීමට නියමිත බවට වාර්තා වේ.
පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව සිදුකරන ඡන්ද විමසීමකින් නව නිලධාරීන් පත් කළ යුතු බව බොහෝ පිරිසකගේ මතයයි.
පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නම දේශපාලන මණ්ඩලය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් යෝජනා කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් එම යෝජනාව ස්ථිර කිරීමට නියමිතයි.