මේ අවස්ථාවේදී ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහය අවශ්‍යයි – රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන

අලුත් අවුරුද්ද නිමාවීමෙන් පසු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක් වෙමින් ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ,

ජාතික ආරක්‍ෂාව ශක්‌තිමත් කරමින් රට ඉදිරියට ගෙන යැමට ත්‍රිවිධ හමුදාවේ සහය තවදුරටත් අපේක්‍ෂා කරන බවයි.

තව දුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ,

රට තුළ කිසිදු ආකාරයකින් යළි යුද්ධයක්‌ ඇති වීමට ඉඩක්‌ නැහැ. ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ ඒ සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඇතැමුන් විවිධ ප්‍රකාශ කළ ද රට තුළ කිසිදු අස්‌ථාවරත්වයක්‌ නැහැ. සාමය සංහිඳියාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ආරක්‍ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ද සහය අවශ්‍යයි.

රට සංවර්ධන මාවත ඔස්‌සේ ඉදිරියට ගෙන යාමට නම් අනිවාර්යෙන් ම ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහය අවශ්‍යයි. සිංහල හා දමිළ අවුරුද්ද සංහිඳියාව ගොඩනැගීමේ කාර්යය සඳහා සුවිශේෂී උත්සවයක්‌. රට පුරා මෙන්ම ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් අලුත් අවුරුද්ද චාරිත්‍රානුකූලව සමරනවා.

එම නිසා එකිනෙකා අතර ගොඩනැඟුණු ශක්‌තිමත් සබඳතා ඇතුළු මනුෂ්‍යත්වය ආරක්‍ෂා කරමින් රටක්‌ ලෙස සියලුම දෙනා සමගිව කටයුතු කළ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here