Home
පුවත් ‘මොකද එස්.බී.දිසානායකගේ කාරණා මගෙන් අහන්නේ.මගෙන් අහන්න මගේ කාරණා’ – දයාසිරි ජයසේකර
දයාසිරි ජයසේකර සමඟ සාකච්ඡාවක්
ඔබතුමන්ලා දිගින් දිගට ම චෝදනා කරනවා නිදහස් පක්ෂයේ මහලේකම්ටයි සංධානේ මහලේකම්ටයි, ඔවුන් UNP එකට කඩේ යනවා කියල ?
ඊට පිළිතුරු දෙමින් දයාසිරි මහතා පවසා සිටියේ ,ආණ්ඩුවේ ඉඳලා ශ්‍රීලනිප තව දුරටත් හදන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ,ඒ නිසා ඒ තනතුරු වෙනස් විය යුතුයි යනුවෙනි.
ඔබතුමා කියන්නේ පක්ෂේ සභාපතිත් වෙනස් විය යුතුයි කියල ද?
පසුගිය සතියේ පැවති මධ්‍ය කාරක සභාවට එක්වෙමින් ජනාධිපතිතුමා බොහොම පැහැදිලි ව ප්‍රකාශ කළා ‘පක්ෂය භාරගෙන කටයුතු කරන්න පුළුවන් නම් එය ප්‍රකාශ කරන ලෙසත්,තමා එය බොහොම කැමැත්තෙන් භාර දීමට සූදානම් බවත්.’
එස්.බී.දිසානායක මහතා මෑතකදී කියල තිබ්බා ජනාධිපතිවරණයට රාජපක්ෂ කෙනෙක් අවොත් ඒකත් අපිට ප්‍රශ්නයක් නෙමෙයි කියලා.ඔබතුමාට ප්‍රශ්නයක් ද ඒක ?
‘මොකද එස්.බී.දිසානායකගේ කාරණා මගෙන් අහන්නේ.මගෙන් අහන්න මගේ කාරණා’ යනුවෙන් පවසමින් දයාසිරි ජයසේකර මහතා එම ප්රශ්නය මගහැර ගිය සෙයක් අපට හැගී ගියා.
Related