අජිත් ඡන්දයක් ඉල්ලයි.

එක්සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ඒ පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.මෙම රැස්වීමේදී පක්‍ෂයේ නව තනතුරු සඳහා පත් කිරීම් සිදුකළ යුතු ආකාරය පිළිබඳව සාකච්චා වී ඇත.
පක්‍ෂ නායක තනතුරේ සිට සියලු තනතුරු සඳහා පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම එක්ව ඡන්ද විමසීමක් පවත්වා පක්‍ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කිරීමත් සමඟ අදහස් දැක්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව සඳහන්.
එලෙස ඡන්ද විමසීමකින් තනතුරු පත් කිරීම නුසුදුසු බවට රවී කරුණානායක මහතා පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාද ඊට සමාන අදහසක් ඉදිරිපත් කළද දේශපාලන මණ්ඩල සභික බහුතරයකගේ අදහස වී ඇත්තේ ඡන්ද විමසීමක් පවත්වා පත්වීම් කිරීම සුදුසු බවටයි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර,රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාට සහය දක්වමින් අදහස් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here