තව වසරකින් මහින්ද රාජපක්‍ෂ රජයක් පිහිටුවනවා එතෙක්‌ ඉවසන්න – රමේෂ් පතිරණ

බළපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපති එන්. සමන් ද සිල්වා මහතා පිළිගැනීම නිමිත්තෙන් බළපිටිය ප්‍රාදේශීය සභා ශාලාවේදී ඉකුත් 12 වැනි දින පැවැති රැස්‌වීමක්‌ අමතමින් ගාල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පැවසූයේ,
‘ඉදිරියේදී වැඩ කරන්න ප්‍රතිපාදන නොලැබෙන්න පුළුවන්. නතර වූ සංවර්ධනය ඉදිරියට ගෙන යන්න ශක්‌තිමත් රජයක්‌ තව වසරක්‌ යනවිට මහින්ද රාජපක්‍ෂ මහත්තයගේ නායකත්වයෙන් යුතුව පිහිටුවනවා. එතෙක්‌ ටික කාලයක්‌ ඉවසන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’යනුවෙනි.
තවදුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර සිටියේ,
‘ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා වසර එක හමාරයි වෙන්නේ. මේ කාලය තුළ ලංකාවේ දේශපාලන ගමන් මඟ වෙනස්‌ කිරීමට හැකිවුණා. ගාලු මහා නගර සභාව විතරයි දිනන්න සුළු ඡන්ද ප්‍රමාණයක්‌ අඩුවුණේ. එහෙත් ගාල්ල මහා නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන දහ නමයේ ම බලය ලබාගන්න අපට පුළුවන් වුණා. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ විතරයි සියලු ආයතන දිනා ගන්න හැකිවුණේ. ගාල්ල දිස්‌ත්‍රික්‌කයෙන් අපට ඡන්ද තුන්ලක්‍ෂ දොළොස්‌දහසක්‌ ලැබුණා.’යනුවෙනි.

‘සෑම කෙනෙකුගේ ම වගකීම පාට පක්‍ෂ බේදයෙන් තොරව වැඩ කිරීමයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වුණාට පස්‌සේ අපට බලය තිබුණු පළාත් පාලන ආයතන වලින් වැරැද්දක්‌ වුණා. එහෙම අඩුපාඩු නැවත සිද්ධ නොවෙන්න මෙවර බලය දීල තිබෙන්නේ. අපට වගකීමක්‌ තිබෙනවා ජනතාවට වග කියන පළාත් පාලන ආයතන බිහිකරන්න. පක්‍ෂ කණ්‌ඩායම් රාශියක්‌ එකතු වෙලයි පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ. ඒ කිසිම පක්‍ෂයක්‌ අපි අමතක කරන්නේ නැහැ.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here