කතානායක කරූ ජයසූරිය මහතාගේ ආරාධනාවකට අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලී ලරිජානි මහතා (Ali Larijani) (18) සිට 20දා දක්වා ශ්රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත ය.
ඒ අනුව ඉරාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ශ්රී ලංකාවට සම්ප්රාප්ත විය.
දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී කතානායක කරූ ජයසූරිය සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහත්වරු සමඟ ද්වී පාර්ශවික සාකච්ඡාවන් පැවැත්වීමට ද නියමිත අතර අද දින පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවීමට ද නියමිත ය.