පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය ලියම් ෆොක්ස් මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ලන්ඩන් නුවරදී පැවැත්විණි.
දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් නව වෙළෙද සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.