එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී ඉදිරි පළාත්සභා මැතිවරණය,ලබන 08 වැනිදා ආරම්භ කෙරෙන නව පාර්ලිමේන්තු සැසිවාරය සහ ජවිපෙ ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කර ඇති බව සඳහන්.
මේ සඳහා මනෝ ගනේෂන්,පී දිගම්බරම්,වී.රාධක්‍රිෂ්ණන්,චම්පික රණවක,රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය හෙට දිනයේ යළි රැස්වේ.පක්ෂ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම,මැයි දින සංවිධාන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්චා කෙරෙන බව සඳහන්.