ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය දමිත කුමාරසිංහ මහතාට වහා ම එම ධූරයෙන් ඉවත් වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,රාජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා යන මහත්වරුන් දැනුම් දී ඇත.
අධ්යක්ෂ ජනරාල්වරයා දූෂිත පුද්ගලයෙකු බැවින් ඔහුව එම ධූරයෙන් ඉවත් නොකරන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.