
“එක නායකත්වයක්-එක රජයක්-එක වැඩපිළිවෙලක් ” යන තේමාව යටතේ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය කරන බවයි.
ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත හැකි රජයක් පිහිටු වීම තම අභිප්‍රාය බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ කැපවීම් සිදු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
දේශපාලන පක්ෂ දෙවනුවත් තම මව්බිම පළමුවත් ලෙස සළකා කටයුතු කිරීම තම අරමුණ වන බව ද , ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ උදාර අරමුණකින් බව ද ඒ සඳහා බොහෝ කැප කිරීම් කළ බව ද තව දුරටත් පැවසී ය.
කෙසේ වෙතත් අද වන විට ජාතික ආණ්ඩු සංකල්පය රටට නොව දේශපාලඥයින්ට නොගැළපෙන තත්ත්වයට පත් කර ඇති බව ද අමාත්‍යරයා පවසයි.