මහින්ද ඉන්නේ මරු විකලෙන් – දඹර අමිල හිමි

මහින්දගේ අපරාධ පිළිබදව අමිල හිමිගේ හෙළිදරව්වක්.

දැන් මං මහින්ද රාජපක්ෂ නම්,එදා මහින්ද රාජපක්ෂ කරපු දේ මං කළා නම්,දඹර හිමි හැටියට සමහරවිට මහින්ද රාජපක්ෂටත් වඩා වැඩි වේගයෙන් මං වේදිකා හදනවා.ඒ වගේම න්‍යාය පත්‍රයක් මං හදනවා.ඒවා සමහර විට මහින්ද හදන ඒවාටත් වඩා සහාසික වෙන්න පුළුවන්.ඇයි ඒ මහින්ද කරලා තියන ඒවා දන්නේ මහින්ද විතරයි.ඒවා එකක්වත් කුසල කර්ම නෙවෙයි.ඒවා ඔක්කොම පාප කර්ම.ඒවායේ රිටන් එක එන බව එයා දන්නවා අපිට වඩා.පව් කරපු එකා තමයි දන්නේ කොහොමද ඒක එන්නේ කියලා.

ඒ අනුව එයා දන්නවා එයා මිනීමරපු හැටි.එයා මරවපු හැටි.එයා ප්‍රජාතන්ත්‍රවාදය හකුලපු හැටි.එයා මාධ්‍යට ගහපු හැටි.එයාට එරෙහි වූ සංවිධාන තුනට,හතරට කඩපු හැටි. දේශපාලන පක්ෂ කීතු කීතු කරපු හැටි.ඒ විතරක් නෙවෙයි නිකාය පවා උඩරට-පහතරට කියා කඩන්නට ලකලෑස්ති වෙච්ච හැටි.ඒ වගේ එක්කෙනෙක් විදියට කටයුතු කරපු කෙනෙක් එයා.සෙල්ලම් එක්කෙනෙක් නෙවෙයි.

සාධාරණ ආණ්ඩුවක් එනවා නම්,

යහපාලන ආණ්ඩුවක න්‍යාය පත්‍රය 100% කින් ක්‍රියාත්මක වුණොත් එහෙම මහින්ද රාජපක්ෂ කරපු මිනීමැරුම්වල වේදනා විදින්න ඕනේ.ඒ නිසා තමයි ඔහුට එන විපාකය වළක්වන්න යහපාලන වේදිකාව ඔහුගේ වේදිකාවක් බවට ඔහු පත් කරවන්නේ.

මහින්දගේ සුරාකෑම්

ලංකාවේ සිවු කොනේ කොහේ වුණත් වැලි කියුබ් දෙකක් ගොඩ දැම්මා නම්,කොමිස් එක එයාට එන විදියට තමයි මහින්ද හදලා තිබුණේ.ඒ තරමට ප්‍රසිද්ධයි ලංකාව සූරාකෑම සම්බන්ධව ඔහු.ඉඩම් අත්පත් කර ගැනීම කරලා තිබුණේ ඉතා ම පහත් විදියට සමහරක් ව මරලා.

රාජකීය පුතාලයි,ඔහුයි ලංකාව ම ඔවුන්ට අයිති ඉඩමක් කියලයි හිතන් ඉන්නේ.

ජාතිවාදී තරගෙදි මහින්ද කුසලානේ දිනලා ඉවරයි.මෛත්‍රීපාලට ඔය ඊට මෙහා තියන සිල්වර් කුසලානයක් නම් ගන්න හම්බවෙයි.

මහින්ද ඉන්නේ මරු විකලෙන්.හේතුව මොකක්ද ‘කොටි මරපු අපිට ඕන දෙයක් කළ හැකි ය.’කියන මායාව.

මහින්දත් එක්ක හැප්පෙන සටනක් මේක.ඒක හරියට වෙන්නේ නැති නිසා තමයි අපිට මෛත්‍රීපාල එක්ක කොක්ක.එයා හිතන් ඉන්නේ මහින්ද හරිම සාමකාමී ගමනක් යන්න එන්න හදන්නේ කියලා .මහින්ද නරක මනුස්සයෙක් නෙමෙයි.හරි ෂෝක්.එයාගෙන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා.

අපි මෛත්‍රීට මේ ගැන හොදින් පැහැදිලි කරලා කියලා දුන්නා.අතගාල කිව්වා.තේ එක බිබී කිව්වා.මෛත්‍රී සුදු පාට අදින ,නෝනා හදලා දෙන බත් මුල මේසෙට ගෙනල්ලා දිග හැරලා කන හිත හොද මනුස්සයා.ඒත් යන්න යන්නම මෛත්‍රී යන්නේ අර නරා වළටමයි.අපිටත් වඩා වේගයෙන් එයා මහින්දගේ න්‍යාය පත්‍රයට අහුවෙලා.අපි කිව්වා’අපිව තියලා ඒ වළට එයාට විතරක් යන්න කියලා.එත් එයා මේ ඊයේ පෙරේදා කියනවා ‘ගිනි තියාගෙනම යන්නේ ‘කියලා.

මගේ නම් අදහස සතුරන්ට අනවශ්‍ය නිදහස නොදිය යුතුයි.කරුණාව,දයාව,මෛත්‍රීය තියාගෙන දේශපාලනය මෙහෙයවන්න බෑ.ඒක මෛත්‍රී මුලින් ම තේරුම් ගන්න ඕනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here