එජාප මහලේකම් ධූරයට තුන්කොන් සටනක්.

එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්‍ෂයට නව මහලේකම්වරයෙකු පත් කිරීම ඉතා වැදගත් කටයුත්තක් බවට පත්වී ඇත.

ඒ අනුව සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මෙම පත්වීම සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ සඳහා පක්‍ෂයේ ප්‍රබල නායකයින් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ.ඒ අමාත්‍යවරුන් වන නවීන් දිසානායක,අකිල විරාජ් කාරියවසම් සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් ය .

පසුගියදා තෝරා පත්කර ගැණුනු දේශපාලන මණ්ඩලය සඳහා ඡන්දයෙන් පළමු තැන හිමි වූයේ නවීන් දිසානායක මහතාට ය. දෙවැනි තැන හිමිවූයේ අජිත් පී. පෙරේරා මහතාට ය.

එවැනි පසුබිමක බොහෝදුරට මොවුන් දෙදෙනා අතුරින් අයෙකු එක්සත් ජාතික පක්‍ෂයේ නව මහලේකම් ධූරයට පත්වනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here