අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද (06) කථානායකවරයාට භාර දෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සදහන් කළේ දැනටමත් එම යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ අත්සන් තබා ඇති බවයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේදී ශ්‍රීලනිප අමාත්‍යවරුන් 16 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ලබාදී තිබිණි.