අපේ ඉලක්‌කය සාර්ථකයි-හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

විශ්වාසභංගය පිළිබද අදහස කුමක් ද ?
“මේ වගේ හුළං බැහැපු විශ්වාසභංගයක් දැක නෑ”-රාවුෆ් හකිම් මහතා

තමන් මෑත ඉතිහාසයේ විශ්වාසභංග ගණනාවක් දුටුවත් ආරම්භයේදී ම හුළං බැහැපු විශ්වාසභංගයක් දුටුවේ මේ අවස්ථාවේදී ම බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, නාගරික සැලසුම් හා ජලසම්පාදන ඇමැති රාවුෆ් හකිම් මහතා ප්‍රකාශ කර ඇත.

‘සඳුදා සිට නව ඇමැති මණ්‌ඩලයක්‌’ – රාජිත සේනාරත්න මහතා
ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතිවරුන් අතරින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය නොදුන් අයට සහ විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මැති ඇමැතිවරුන්ට තවදුරටත් සදාචාරාත්මකව ආණ්‌ඩු පක්‌ෂයේ රැදී සිටිය නොහැකි බව රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවසී ය.

තව දුරටත් එතුමා ප්‍රකාශ කර සිටියේ,

ඒ අනුව සඳුදා සිට පිරිසිදු ආණ්‌ඩුවක්‌ සකස්‌ කරන බවත් ඒ එය කැබිනට්‌ සංශෝධනයක්‌ නොව නව අමාත්‍ය මණ්‌ඩලයක්‌ දිවුරුම් දීමක්‌ බවත් ය.

‘ටීඑන්ඒ යෝජනා 10 කට අගමැති එකඟ වුණා’- මන්ත්‍රී අඩෛකලනාදන් කියයි

විශ්වාසභංග යෝජනාවේදී අගමැතිවරයාට පක්‌ෂව ඡන්දය පාවිච්චි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනා දහයකට අගමැතිවරයා එකඟතාව පළ කළ බවත්,
එම යෝජනා ඉදිරිපත් කළ විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් යෝජනා පිළිගැනීමට අකැමැති වූ බවත්,
එම අවස්‌ථාවේදී සාකච්ඡාවට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් වචන පවා හුවමාරු වී දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගත් බවත්සෙල්වම් අඩෛකලනාදන් මන්ත්‍රීවරයා පැවසී ය.

 

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්‌කය සාර්ථකයි – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

තමන්ගේ ඊළඟ සටන ආණ්‌ඩුවේ අසාධාරණ බදු පනතට එරෙහිවීම බව ද එතුමා වැඩි දුරටත් පැවසී ය.

දේශපාලන අස්‌ථාවරත්වයෙන් ආර්ථිකයට අහිතකර බලපෑම් – මහ බැංකු අධිපති  

දැනට පවතින දේශපාලන අස්‌ථාවරත්වය රටේ ආර්ථික ප්‍රගතියට ඇති කරන බලපෑම් කෙසේ ද?‘ යැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ ,

මේ ආණ්‌ඩුව සම්මුති ආණ්‌ඩුවක්‌ වුවත්, නව දේශීය ආදායම් පනත සම්මත කර ගැනීම, වැට්‌ බද්ද පැනවීම සහ හම්බන්තොට වරාය ගණුදෙනුව වැනි තීන්දු ශක්‌තිමත් ලෙස ගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට  සමත්ව ඇති බවයි.
තවද නව දේශීය ආදායම් පනත සම්මත කර ගැනීම තම මතය අනුව විශාල ජයග්‍රහණයක්‌ බව ද පවසා සිටියේ ය.

‘එ.ජා.ප.ය ඇතුළේ අර්බුදයක් හදන්න බොහෝ අය උත්සහ කළා’- අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 
එ.ජා.ප.ය ඇතුළේ අර්බුදයක් හදන්න බොහෝ අය උත්සහ කළා. නමුත් අවසානයේදී විවිධ මත දැරූ එ.ජා.ප මන්ත්‍රීවරුන් එක් මතයක සිට කටයුතු කරන්න එකඟවීම පක්ෂයක් විදියට අපි ලබා ගත් ජයග්‍රහණයක්. කෙසේ වුවත් පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කළ යුතු බව එ.ජා.ප.ය ම  පිළිගෙන තිබෙනවා. ඒ කටයුතු අප්‍රේල් 7 හා 8 දෙදින සිදු වෙනවා යැයිද අමාත්‍යවරයා කීවේ ය.

රනිල්ගේ ප්‍රණාම සටහන 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ස්තුති කර තිබුණේ මෙලෙසිනි.
මෙම දුෂ්කර කාලසීමාවේදී මා වෙත සහය ලබාදුන් සියළු දෙනාට කෘතඥතාව පළකරමි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here