අපිව දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්න හදන බව අපි දන්නවා – ආර්. සම්බන්ධන්

 

“අපිව දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගන්න හදන බව අපි දන්නවා. ඒ නිසා කරුණාකර ජනමතය තේරුම් ගන්න.” යනුවෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

එම මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (04) පැවැත්වෙන අගමැතිවරයාට එරෙහිව ගෙන තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව පැවැත්වෙන විවාදයට එක් වෙමිනි.

එහිදී ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර සිටියේ,

“මේ රට වෙලාගත් ලොකුම ප්‍රශ්නය දූෂණයයි. එය මුළුමුලින් ම උපුටා දැමිය යුතුයි. දූෂණ චෝදනා වැඩියෙන්ම එල්ල වන්නේ දේශපාලකයන්ට. එය නතර විය යුතුයි. මේ විශ්වාසභංගයේ චෝදනා ස්ථිර නැහැ. විශ්වාසභංගය දේශපාලන අරමුණකින් සකස් කළ එකක්.විශ්වාසභංගයේ විශ්වසනීයත්වයක් නැහැ. ඒ වගේම අගමැතිවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් මෙම විශ්වාසභංගයේ නැහැ. ඒ නිසා අපි කොහොමද මෙයට සහය දක්වන්නේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න සියලු දෙනා දායකත්වය දෙන්න.”

(ආර්.සම්බන්ධන් මහතා විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදයට එක් වෙමින් සිදු කොට ඇති ප්‍රකාශයෙන් බොහෝ දුරට පෙනී යන්නේ එතුමා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතිව අදහස් දක්වා ඇති බවයි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here