මේ වෙලාවෙ ඇමතිකමත් නැතිවුණොත් මම බෙල්ල මුලට ම හිර වෙනවා – නිමල් සිරිපාල

‘විශ්වාස භංග යෝජනාවේදී අගමැතිවරයා පරාජය කළ යුතු ය’යන ස්ථාවරයේ සිටින ශ්‍රීලනිප ඇමතිවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්විණි. මේ සඳහා නිමල් සිරිපාල,ටී.බී. ඒකනායක, එස්.බී.දිසානායක දයාසිරි,සුසිල්, ඩිලාන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් සහභාගි වී ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරයෙන් ඉවත්වීමට සිදුවුවහොත් ශ්‍රීලනිපය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිධූරයට පත්කොට නව ආණ්ඩුවක් ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් සිටී.

ඒ අනුව ඇමතිවරුන් සියලු දෙනා ම යෝජනා කර ඇත්තේ අනාගත අගමැතිවරයා වශයෙන් නිමල් සිරිපාල මහතා පළමු ව ඇමතිධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. එම ක්‍රියාව අනුගමනය කරමින් සෙසු ඇමතිවරුන් ද සිය ඇමතිධූර අත්හැරිය යුතු බවට යෝජනා කර ඇත.

මෙයින් කලබලයට පත් වූ නිමල් සිරිපාල ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ,
“බෑ…බෑ… මට නං ඉල්ලා අස්වෙන්න බෑ. ඕන කෙනෙක් ඉල්ලා අස්වෙන්න, මම නං ඉල්ලා අස්වෙන්නෙ නෑ”යනුවෙනි.
ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී එයාර්ලයින් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බැවින් එම ඩීල් එක අවසන් වනතුරු කෙසේ හෝ ඇමතිධූරය රැකගත යුතු බවයි.
සිය බිරිඳ විසින් අල්ලස් කොමිසම හමුවේ ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිහිපත් කරමින් නිමල් සිරිපාල ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,
“මේ වෙලාවෙ ඇමතිකමත් නැතිවුණොත් මම බෙල්ල මුලට ම හිර වෙනවා. එහෙම වුණොත් කොහොම ද මම ආයේ දේශපාලනය කරන්නේ ” යනුවෙනි.
එවිට සෙසු ඇමතිවරුන් නිමල් සිරිපාලගෙන් අසා ඇත්තේ,
‘අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කර තවදුරටත් රෙද්දක් ඇඳගෙන ආණ්ඩුවේ රැඳී සිටින්නේ කෙසේද ?’ කියා ය. එයට පිළිතුරු දෙමින් නිමල් සිරිපාල පවසා ඇත්තේ ‘ටික දවසක් යනකොට ඕක ගාණක් නැතිවෙයි. මොකුත් උනේ නෑ වගේ හිටියම ඉවරයිනේ ‘ කියා ය.
නිමල් සිරිපාල මහතා ඇමතිධූර අත්හැරීම තරයේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සෙසු ඇමතිවරුන් රහසේ සාකච්ඡා කර ඇත්තේ,
‘යකෝ මෙහෙම මනුස්සයෙක් ද අපි මේ ඉස්සරහට අගමැති කරන්න ඉන්නෙ. එහෙම උනොත් නං රටට දෙයියන්ගෙම පිහිටයි’ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here