කොකා-කෝලා සභාපති රනිල් හමුවට

ඩොලර් මිලියන 50ක් ප්‍රදානය කිරීමට පොරොන්දු වූයේ ඇයි ?

කොකා-කෝලා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ජේම්ස් ක්වින්සි මහතා සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසිණ. ශ්‍රී ලංකාව වෙනුවෙන් කැප වන බව සහතික කරමින් කොකා-කෝලා සමාගම සහ එහි ඇසුරුම් හවුල්කරුවා ඊළඟ පස් වසර තුළ දී රටේ පරිසර පද්ධතියේ කටයුතු සදහා උපයෝයෝගී කර ගැනීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 50ක් ප්‍රදානය කරන බවට පොරොන්දු වී ඇත.

ක්වින්සි මහතාගේ මෙම චාරිකාව සිදු වූයේ අප රටේ තරුණ පරපුරේ සහ පාපන්දු ප්‍රජාවේ සිත් ඇද බැඳ ගත් ජනවාරි මස පැවැති කොකා-කෝලා ෆිෆා ලෝක කුසලාන සංචාරය තරගාවලියෙන් අනතුරුව වීම ද  විශේෂත්වයකි.

1961 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කොකා-කෝලා සමාගම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දී ඇත. එමෙන් ම කොකා-කෝලා යනු ලොව පවත්නා ප්‍රමුඛත ම පාරිභෝගික සන්නාමවලින් එකකි.

කොකා-කෝලා සමාගම ගෝලීය ජීවන රටාවන් වැඩි දියුණු කරන,නිරන්තරයෙන් ජනතාව සහ ඔවුන්ගේ අවශ්‍යතා ව්‍යාපාරයේ පරමාර්ථය බවට පත් කර ගෙන කටයුතු කරන සමාගමකි. පාරිභෝගිකයන්ට තෝරා ගැනීම සඳහා පාන වර්ග මාලාවක් ම වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම කොකා-කෝලා සමාගමේ අරමුණ වී ඇත .

අද වන විට අති විශාල පාරිභෝගික පිරිසකට හිමිකම් කියන කොකා-කෝලා සමාගම (Beverage for Life) ‘ජීවිතයට අවශ්‍ය කරන පාන වර්ග’ සම්පාදනය කරන සමාගමක් බවට පත් වෙමින් සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here