රනිල් හැර අපට වෙන නායකයෙක් නැහැ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

0
1827
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට සාකච්ජාවක් පැවතියද එම නායකත්වය භාරගැනීමට හෝ භාර දීමට කෙනෙක් සිටිනවාද යන ප්‍රශ්නය පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය. මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. මැතිවරණ ප්‍රතිපලයක් වෙනස් වූ සැණින් පක්ෂයේ සියලුම කාරණා වෙනස් වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඇය පෙන්වාදුන්නේ.
කෙසේ වෙතත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු  අළුත් අවුරුද්දට පෙර සිදු වන බවට තීරණයක් ගෙන ඇති බව ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව පක්ෂය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ඉටුවනු ඇතැයි පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමටද විශ්වාසයක් පවතින බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේය. විශේෂයෙන් පක්ෂයේ යම් අඩුපාඩු නිසා පළාත් පාලන මැතිවරණයේ බලාපොරොත්තු වූ ප්‍රතිපලය ලබා ගැනීමට නොහැකි වූ බව පිළිගත යුතුව ඇතැයි ඇය පැවසුවාය.
එමෙන්ම නව මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් කර පළාත් සභා මැතිවරණය සඳහා යොමු විය යුතු බවට අගමැතිවරයාට දැනුම් දී ඇති බවත් ඊට අගමැතිවරයාද එකඟතාව පළ කළ බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේය. මේ වන විට සියලුම දේශපාලන පක්ෂ පාහේ නා ,මැතිවරණ ක්‍රමයට විරුද්ධත්වය පළ කර ඇති බවයි මන්ත්‍රීවරිය වැඩිදුරත් සඳහන් කෙළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here