විශ්වාසභංගය අවසානයේ කරූ ජනපති

0
559

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුව හොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුරය මෙන්ම කතානායක වරයා හැර සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රී 224 දෙනාගෙම මන්ත්‍රී තනතුරු අහෝසි වන බව නීති විශාදරයන් පෙන්වා දෙයි.

මෙම විශ්වසභංග යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් ඉවත් කිරීමක් ලෙස ගෙන ආවද ඒ සඳහා ව්‍යස්ථාවෙන් ප්‍රතිපාදන සපයා නැත. මේ හේතුව නිසා යෝජනාව තුල එක වගන්තියක මෙය රජයට එරෙහි යෝජනාවක් ලෙස අඩංගු කර තිබෙන අතර එම හේතුව මත යෝජනාව සම්මත වුවහොත් ආණ්ඩුව පමණක් නොව ජනාධිපතිවරයාද ධුරය අත් හැරිය යුතුවේ.

ඒ අනුව කතානායක වරයාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමෙන් පසුව ඒ හරහා ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සියලු බලතලද හිමි වීමේ පැහැදිලි ඉඩක් පවතී. ඉන් පසුව කතානායකවරයාට යළිත් ජනධිපතිවරණයක් හා මහ මැතිවරණයක් කැඳවා රාජ්‍යයේ පාලනය ඒ අනුව පත්වන පිරිසට බාර දීමට සිදු කළ හැකිය.

මෙම තත්වයන් මත මේවන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සාතිශය බහුතරය විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සහතික ලෙසම කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here