රනිල් දිනනවා.ස්ථිරයි

0
487

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනීපයේ කොටස් විසින් ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාවෙන් එජාපය පරාජය කළ නොහැකි බව රාජපක්ෂ සමයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි ගාල්ල කරන්දෙණියේ ගුණරත්න වීරකෝන් මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

වසර 20 කට පමණ ආසන්න කාලයකින් පසුව එජාපය පිහි‍ටුවා ගත් ආණ්ඩුව බිඳවැට්ටවීමට කිසිදු එජාප මන්ත්‍රීවරයකු කල්පනා නොකරන බවත් ඒ අනුව ඔවුන් සියලු දෙනා අගමැතිවරයා රැකගනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකරයි. එජාපයේ පොදු සතුරා ශ්‍රීලනීපය ප්‍රමුඛව ඒකාබද්ධ විපක්ෂය වන නිසා ඔවුන් අවසන් මොහොතේදී ඊට එරෙහිව ඒක රාශිවන බවත් ඔහු පෙන්වා දෙයි.

එසේම මෙරට දෙමළ ජනතාවට යම් විසඳුමක් ලැබිය හැක්කේ වත්මන් රජයෙන් පමණක් වන බවට දෙමළ ජනතාව විශ්වාස කරන බැවින් දෙමළ ජාතික සන්ධානයේ සහයද අගමැතිවරයාට හිමි විය හැකි නිසා. එජාපය පැරද වීමේ හැකියාව අවම බව ඔහු පෙන්වා දෙයි.

එසේම ජනාධිපතිවරයා මේ මොහොතේ බුද්ධිමත් තීරණයක් ගනු ඇති බවට ඔහු අවධාරණය කළේ වත්මන් ආණ්ඩුව බිඳ නොවැට්ටවීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි අපෙක්ෂාවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here