පක්‍ෂ නායක රැස්වීමේ තීරණ රැසක්.

0
322

අද පැවති පක්‍ෂ නායක රැස්වීමේදී නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ ස්වාධීනත්වය පිළිබඳව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කර තිබේ.වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායට පටහැනිව ඔහු පක්‍ෂයක් වෙනුවෙන් කටයුතු කිරීම ගැටළු සහගත බවයි.

ලබන 04 වැනිදා පැවැත්වෙන විවාදයේදී මුළු කාලයෙන් එක්සත් ජාතික පෙරමුණට 40%ක කාලයක් සහ විපක්‍ෂය සඳහා 60%ක කාලයක් ලබාදීමට තීරණය වී ඇත.

පාර්ලිමේන්තුවේ ඉලෙක්ට්‍රොනික් ඡන්ද විමසීමේ ගැටළුවක් මතුවීම හේතුවෙන් ඉදිරියේ සියලු ඡන්ද විමසීම් මෙතෙක් පැවති සම්ප්‍රදායට අනුව නමින් හෝ බෙදීමෙන් සිදුකිරීමට තීරණය වී තිබේ.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ නායක රැස්වීමට නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල,සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල,මනෝ ගනේෂන්,අනුර දිසානායක,දිනේෂ් ගුණවර්ධන,අජිත් පෙරේරා සහ රවී කරුණානායක යන මහත්වරුන් සහභාගී වී සිටි බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here