මහින්දට පුටුව මාරු වෙයි.

0
411

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විනාඩි පහක පමණ කාලයක් අත්වැරදිමකින් විපක්ෂ නායක අසුනේ හිද ගෙන සිටියේය.

රිමාන්ඩ් භාරයේ සිට සභාවට පැමිණ සිටි සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පැමිණ මේ බව මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දිමෙන් පසු රාජපක්ෂ මහතා ඔහුට හිමි නිසි අසුනේ හිද ගත්තේය.

පාර්ලිමේන්තුව පස්වරු 1.00 ට රැස්විමෙන් පසු පස්වරු 1.15 ට පමණ මහින්ද රාජපක්ෂ මහතා සභාගැබට පිවිසියේ රිමාන්ඩ් භාරයේ පසුවන ප්‍රසන්න රණවිර සහ සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනා සමගිනි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ අසුන තිබෙන්නේ විපක්ෂ නායකවරයාගේ අසුනට යාබදව එම අසුනට වම් පැත්තේය. එහෙත් රාජපක්ෂ මහතා අසුන් ගත්තේ විපක්ෂ නායකවරයාගේ අසුනේය. මේ අවස්ථාවේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගැබෙහි නොසිටියහ.

රාජපක්ෂ මහතා විනාඩි කිහිපයක් මෙසේ විපක්ෂ නායක අසුනේ හිඳ සිටියදි ඒ බැව් දුටු පාර්ලිමේන්තු සේවක මහතෙකු විපක්ෂයේ දෙවැනි පෙළ අසුනක හිඳ සිටි සනත් නිශාන්ත මහතාට මේ බව කියනු දක්නට ලැබුණි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා වැරදි අසුනේ හිද සිටිනු දුටු සනත් නිශාන්ත මහතා වහා නැගිට ගොස් රාජපක්ෂ මහතා දැනුම්වත් කළේය. මහින්ද රාජපක්ෂ මහතා වහා නැගිට තම අසුනේ හිද ගනිද්දි දිනේෂ් ගුණවර්ධන සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිනාසෙමින් යමක් පවසන අයුරු දැක ගත හැකිවිය.

සභාගැබේ මඳ වේලාවක් සිටි රාජපක්ෂ මහතා තම මන්ත්‍රී කණ්ඩායම සමඟ සභාවෙන් පිටව ගියේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යේජනාව භාරදිම සඳහා කතානායකවරයාගේ නිළ කාමරය වෙතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here