ලබන 15න් පසු පාර්ලිමේන්තුවේ වෙනසක්

0
196

මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයිම සඳහා ලබන මස 15 දායින් පසුව ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා සභාවේ සිටිය යුතු බවට තිරණයක් ගෙන ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාගෙන් අසා තිබු ප්‍රශ්නයකට පිළිතුරුදිමට විෂය බාර ඇමතිවරයා නොසිටි අවස්ථාවේ කතානායකවරයා මේ බව කීවේය.

මන්ත්‍රීවයාගේ ප්‍රශ්නයට ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විෂයභාර ඇමතිවරයා වනුවෙන් පිළිතුරු සපයන ලදි. ඉන් පසුව මන්ත්‍රීවරයාට හිමි අතුරු ප්‍රශ්න ඇසිමේ අවස්ථාවේදි මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැනි දේ කිරිම මන්ත්‍රීවරුන්ට කරන අසාධාරණයක් බවයි. තමන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරුදිමට ව්ෂයභාර ඇමතිවරයා නොමැති බව කී මන්ත්‍රීවරයා ජනතාවට බලපාන ප්‍රශ්නයක් ඇසිමට මන්ත්‍රීවරයකුට තිබෙන අවස්ථාව අහිමි කිරිම සැබෑම අසාධාරණයක් නොවේදැයි කතානායක වරයාගෙන් විමසා සිටියේය. මෙය ඇමතිවරුන්ට එරෙහිව නගන ප්‍රශ්නයක් නොවන බවත් ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා සිටිනම් මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නය ඇසිමට පහසු බවත් මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කීවේය.

මෙහිදි කතානායක කරු ජයසූරිය මහතා කිවේ අවශ්‍ය නම් අතුරු ප්‍රශ්න ටික අණ්ඩු පක්ෂ සංවිධායකවරයාට දී ඇමතිවරයාගෙන් ලිඛිත පිළිතුරු ලබා ගත හැකි බවයි. එසේ අකමැතිනම් නොඅසා සිටිය හැකි බවද කීවේය.

ඇමතිවරයා නොපැමිණෙන අවස්ථාවක පිළිතුරු නොදි කල් ගැනිම වාසි සහගත යැයි එවිට මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. එහිදි කතානායකවරයා කිවේ තමා මේ ප්‍රශ්නය ගැන අගමැතිවරයාවත් ජනාධිපතිවරයාවත් දැනුම්වත් කර තිබෙන බවයි. ඒ අනුව ලබන 15 දායින් පසු මේ ගැටලූව විසදෙන බවද හෙතෙම සඳහන් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here