පොහොර සහනාධාරය පෙර පරිදිම යලි ගොවින් වෙත දීමට රජය තීරණය කර තිබේ.
රජය මේ තීරණය ගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී අමාත්‍ය මණ්ඩල සාකච්ජාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ යෝජනාව ඉදිරිපත් කළේය.
රජය ගෙන තිබෙන තීරණයට අනුව පොහොර සහනාධාරය පෙර පරිදිම ක්‍රියත්මක කෙරෙන අතර වී ගොවීන්ට රුපියල් 500ක්ද අනෙකුත් අතුරු බෝග වගාකරුවන්ට රුපියල් 1200ක්ද වටිනාකමැති පොහොර සහනාධාරය හිමි වේ.
ජාතික රජය බලයට පත්වීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යංශය කළ ඒකාබද්ධ යෝජනාව අනුව පොහොර සහනාධාරයට හිමි මුදල් ගොවීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට තීරණය කෙරිණි.
සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මින් ඉදිරියට සහනාධාරය පොහොර වශයෙන්ම ගොවීන්ට ලැබෙනු ඇත.