මහනුවර දිස්ත්‍රික්කයේ දිගන – තෙල්දෙණිය ප්‍රදේශවල ඇතිවී තිබෙන තත්වය පිලිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් මේ වන විට පැවැත්වෙමින් තිබේ.එම විවාදය පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් 4422 හෙලිකොප්ටර් යානය පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත ලඟා වී තිබිණි.
දැන් මෙම හෙලිකොප්ටර් යානයෙන් අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,එස්.බී.දිසානායක,ෆයිසර් මුස්තාපා,රවුෆ් හකීම්,යන මහත්වරුන් ඇතුළු පිරිසක් මහනුවර බලා පිටත්ව ගියා.
ඒ මහනුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව විශේෂ හදිසි සාකච්චාවකට සහභාගී වීම සඳහායි.