නව අගමැති අද පස්වරුවේ පාර්ලිමේන්තුවට

0
1039

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ නියෝග පිලිබඳ දෙවනවර කියවීමේ විවාදය අද දින සිදුකිරීමට නියමිතය.

පසුගිය දිනවල වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර ඒ සඳහා යෝජනා වී තිබුණේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතායි.

එහෙත් එම තත්වය ඇති නොවීම හේතුවෙන්, අද දිනයේ මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ නියෝග පිලිබඳ දෙවනවර කියවීමේ විවාදය ආරම්භ කිරීම සහ අදාළ පනත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා නොපැමිණෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරනු ලබයි.

අග්‍රාමාත්‍ය වරයා වනු ඇති බවට බලාපොරොත්තු තබා සිටියද, එම තත්වය ඇති නොවීම හේතුවෙන් පත්වී තිබෙන අසීරුතාවය මත අද දින පැමිණීමට හැකියාවක් නැත.

කෙසේ වෙතත් සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ පනත ඉදිරිපත් කරනු ඇති, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විවාදය මෙහෙයවනු ඇති බවට වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here