විපක්ෂ නායක ධුරය සඳහා අනුර කුමාර හෝ නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුන් හෝ වෙනත් අයකු පත් කර ගැනීමේ ව්‍යාපෘතියක් දියත් වේ.
ඒ මෙසේය. පසුගිය මහ මැතිවරණයෙන් එක්සත්ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 95කි.
එයින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට මේ වන විට මන්ත්‍රීවරුන් 52ක්ද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මන්ත්‍රීවරුන් 43 ක්ද සහාය දක්වයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන මෙම 44 දෙනාගෙන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීන් 7දෙනා ඉවත් වූ විට ඉතිරිවන ගණන 37 ක්වේ.
ඊට ජනතා විමුක්ති පෙරමුණේ 6දෙනාද දෙමළ ජාතික සංධානයද එක් වූ විට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා බහුතරය පෙන්විය හැකි වේ.