6 රෑ එළිවෙනකම් පාර්ලිමේන්තුව.

0
361

ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ බරපතල දුෂණ, වංචා පිළිබඳ සොයා බැලිමට පත් කළ ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ විවාදය ලබන 06 දාට දින දුන්නේ එදිනට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමද ජනාධිපතිවරයා කල්තියාම අවලංගු කල නිසායැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අදාළ විවාදය පැවැත්විම සඳහා දිනය නියම කිරිමෙන් පසුව අවශ්‍ය නම් එදින රාත්‍රිය පුරාවටත් විවාදය කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත දැනුම් දී තිබුණේ යැයිද සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

බැදුම්කර ගණුදෙනු වාර්තාව හා බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා වූ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සඳහා පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වෙන පෙබරවාරි 10 දාට පෙර දිනයක් වෙන් කර දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා තිබුනි. ඉහත ඉල්ලිම ඇතුළත් ලිපිය කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබුණු අතර එය ලද විගසම පෙබරවාරි 08 දා එම විවාදය කැදවිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගන්නා ලදි.

ඒ පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්විමක් පැවැතිනි. ඉහත රැස්විමෙදි අදාළ විවාදය පෙබරවාරි 08 දාට පෙර පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා යොජනා කරනා ලදි.

අදාළ කරුණු පිළිබදව අග්‍රාමාත්‍ර්‍යවරයා විමසා දැනුම් දෙන බව කතානායක කරු ජයසූරිය මහතා දැනුම් දුන් බවද කිරිඇල්ල මහතා කීවේය. ඒ අනුව පෙබරවාරි මස 06 දින විවාදය පැවැත්විමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගන්නා ලදි.

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල උච්චතම අවස්ථාවේ වුවද අග්‍රාමාත්‍යවරයා විසින් එදිනට පාර්ලිමේන්තුව කැදවිමට තිරණය කළේ කැබිනට් මණ්ඩල රැස්විම කල්තියාම අවලංගු කළ නිසා බවද සභානායකවරයා කීවේය.

අදාළ විවාදය එදින උදේවරුවේ ආරම්භ කර අවශ්‍ය නම් රාත්‍රිය පුරා පවත්වන ලෙස අග්‍රාමාත්‍යවරයා කතානායකවරයාට උපදෙස් දුන් බවත් එදින උදේ වරුවේ පාර්ලිමේන්තුවේ රැදි සිට පළාත් පාලන ඡන්දයේ උච්චතම අවස්ථාව පැමිණ තිබෙන බැවින් නැවත සවස රැස්විම් කිහිපයකට සහභාගි වී රාත්‍රි 7.00 ට පාර්ලිමේන්තුවට පැමිණ අවශ්‍ය නම් එළිවෙන තුරු වුවත් පාර්ලිමේන්තුවේ රැදි සිට විවාදයට පිළිතුරුදිමට සුදානම් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේයැයිද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here