ලබන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341න් 276 ක බලය අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා.මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ දෙමළ ජාතික සන්ධානය ආයතන 51ක බලය හිමි කරගනු ඇති බවයි.ග්‍රාමීය මට්ටමින්,ඉතා පුළුල් සහ සියුම්ව නිරීක්ෂණය කරමින් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිපල මේවන විට ලැබී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම අසාර්ථක වීම මේ තත්වයට හේතුවී ඇති බව අදාළ සමීක්ෂණයේදී පැහැදිලිව දැකගැනීමට හැකිබවද පැවසීය.