ආන්දෝලනාත්මක හෙළිදරව් තුනක්.ඒ අතරේ දයාසිරි ගැනත්.

0
1688

බරපතල වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පිළිබඳව සඳහන් බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.ඒ අද කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළිදරව් කරනු ලැබීය.ජාතික පුවත්පතක අයිතිය හදිසියේ වෙනස්වීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වැනි දූෂිත පුද්ගලයෙකු සුජාත කිරීමට පසුගියදා රූපවාහිනී වැඩසටහනක් සිදුකළ අතර,එම වැඩසටහන මෙහෙයවීම සිදුකළ පුද්ගලයා හැසිරුණු ආකාරයෙන් මේවා පිටුපස සිටින්නේ කවුදැයි තහවුරුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here